නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් හා මැතිවරණ සඳහා යන වියදම් පාලනය කිරීම සඳහා විධි විධාන සලසන නීති සම්පාදනය කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ (17) ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කොට තිබේ.
ඊයේ(17) වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව සඳහන් කළේය.








