ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදුන් සාක්ෂිකාරිණීයක වන දේපළ වෙළඳාම් සමාගමක අධ්යක්ෂවරියක ලෙස කටයුතු කරන අනීකා විජේසූරිය මහත්මීයට හිටපු අමාත්‍යවරයෙකුගේ සමීපතමයෙකු විසින් මරණීය තර්ජන සිදුකර ඇති බවට අද (17) බැඳුම්කර කොමිසමේදී හෙළි විය.
මීට පෙර පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝෂියස් රුපියල් ලක්ෂ 116 ක් ගෙවමින් මහල් නිවසක් කුලී පදනම මත ලබාගෙන එය හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට පදිංචිය සඳහා ලබාදුන් බවට කොමීසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ඇය වන අතර ,ඒ අනුව ඇයට මෙලෙස මරණ තර්ජන එල්ල කර ඇති බවට අද නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර කොමිසම වෙත දැනුම් දුන්නේය.
එමෙන්ම ඇය මේ වන විට රටින් පිටව ගොස් ඇති බවටද එම දෙපාර්තුමේන්තුව කොමීසම වෙත දැනුම් දුන්නේය.
(DE සිල්වා)








