FAST NEWS

24×7 Around the Globe

ජනවාරියේ සිට විදුලි ගාස්තු නගී..

2018 ජනවාරි සිට විදුලි ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර ඇත.

විදුලි ගාස්තු ඉහළ නැංවීම ගැන මුදල් අමාත්‍යාංශය – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ලංකා විදුලිබල මණ්ඩලයීය අභ්‍යන්තර තිබෙන සාමූහික ගිවිසුමක් මත මෙම තීරණය ගෙන ඇති බව විදුලිබල අමත්‍යාංශයේ අභන්තර ආරංචි මාර්ග පවසයි.

අදාළ ගිවිසුම අනුව 10% ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමෙනු ඇති බවත් පැවසේ.

විදුලිය ඒකක මට්ටමින් ගණන් බැලුවහොත් එක් විදුලි ඒකකයක මිල රුපියල් 1.60කින් පමණ ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

මෙම විදුලිය ගාස්තු 10%කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව 2018 සිට විදුලිබල මණ්ඩලය සේවකයන්ගේ වැටුප 25%කින් ඉහළ දැමිය යුතු යැයිද අදාළ ගිවිසුමේ සඳහන් වන බවත් ,විදුලිබල හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන්ද මෙකී ගිවිසුමට අත්සන් තබා ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)