FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදි වෙඩි තැබීමක්..

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) පෙරවරුවේ රැගෙන ආ යුක්රේන ජාතික රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා අල්ලා ගැනීමට සමත් ව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරය බිමට එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

යුක්රේන ජාතික අඹු සැමි යුවළක අධිකරණයට රැගෙන විත් ඇති අතර එම යුවළගෙන් සැමියා පැන යාමට උත්සාහ දරද්දී ඔහු මෙල්ල කිරීමට මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

මෙම දෙදෙනා කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම කරනු ලැබ සිටින අයවලුන් බවඳ සඳහන්.

අල්ලා ගත් එම රැඳවියා යළි බන්ධනාගාරය රැගෙන ගොස් තිබේ.

(DE සිල්වා)