FAST NEWS

24×7 Around the Globe

Update: සංශෝධන පනත් තුනට කථානායකවරයා අත්සන් තබයි..

පළාත්පාලන ජන්ද විමසීමට අදාළව පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන පනත් තුනට කථානායක කරූ ජයසූරිය මීට සුලු මොහොතකට පෙර අත්සන් තැබීය.

ඒ අනුව අදාළ පනත් සතියකට පසු ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ඇති.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

සංශෝධන පනත් තුනට කථානායක අද අත්සන් තැබීමට නියමිතය..

පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා සංශෝධන පනත් තුනට කථානායක කරූ ජයසූරිය අද(12) දින අත්සන් තැබීමට නියමිතය.

කථානායකවරයා අත්සන් කිරීමෙන් සතියකට පසු අදාළ පනත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී පසුගිය 9 වනදා සම්මත වූ අතර, එම කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසිනි.