මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 15 ක මුදල් අවශ්‍යතාවය ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුවෙන් ලබා ගන්නා ලෙස එවකට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස් ලබා නොදුන් බව, නොතීසියකට අනුව ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් කොමීසම වෙත ප්‍රකාශයක් ලබා දෙමීන් සඳහන් කළේය.
මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 18 ක මූල්‍ය අවශ්‍යතාවක් පවතින බවත්, ඉන් බිලියන 03 ක් රජය සතුව පවතින බවත් ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදුවූ දිනට පෙර දිනයේ උදෑසන පැවති සාකච්ඡාවේදී අවධාරණය කළ බවද ඔවුහු. කොමීසම හමුවේ සඳහන් කළහ
හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහභාගි වූ නිල නොවන සාකච්ඡාවක් සම්බන්ධයෙන් සිදුකළ සාක්ෂි විභාගයකදී පසුගියදා මෙම අමාත්‍යවරුන්ගේ නම් බැඳුම්කර කොමිසමේදී සඳහන් විය.
ඒ අනුව, අද (11) උදෑසන කොමිසමට පැමිණි අමාත්‍යවරු දෙදෙනා විනාඩි 20 ක පමණ කාලයක් සිය ප්‍රකාශ ලබා දී ඉන් පිටව ගියහ.
(DE සිල්වා)








