FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට තද වැසි..

දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇති බවත් ,බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (11) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

ඇතැම් ස්ථාන වල (විශේෂයෙන් සබරගමුව, දකුණු, නැගෙනහිර සහ ඌව පළාත් වල) තරමක තද වැසි ද (මි.මි.75 පමණ) බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි විය හැති බවත් ,අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(DE සිල්වා)