FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධී පාගමනින් 14 ක් රෝහලේ..

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති විරෝධතා පාගමනේදි පොලිස් කැරළි මර්දන ඒකකය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

තුවාල ලැබූවන් අතර භික්ෂුන් වහන්සේලා දෙදෙනකු සහ මාධ්‍යවේදියකු ද සිටින බවත් එම ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)