FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට සිද්ධියට තවත් පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට…

පසුගියදා හම්බන්තොට විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කලහකාරීව හැසිරීමට හා අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම යන චෝදනා යටතේ සිද්ධියට අදාළ තවත් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

ඔවුන් අතරින් සිව් දෙනෙකු ඊයේ(09) දිනයේ අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

තවත් දෙදෙනෙකු අද(10) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.

මීන් පෙර මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබීය.

(DE සිල්වා)