FAST NEWS

24×7 Around the Globe

බෙංගාල බොක්කේ අව පීඩනයක් – 17 තෙක් වැසි..

බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ පැසිෆික් සාගර කලාපයේ ඇති වී තිබෙන අව පීඩන තත්ත්වය නිසා අද (10) දිනයේදී ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර, වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75 – 100 අතර තද වැසි ඇතිවිය හැකි බවද අද පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

මීට අමතරව ගාල්ල, මාතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට මේ මස 17 වැනිදා දක්වා වැසි ඇති විය හැකි බවද සඳහන්.

(DE සිල්වා)