FAST NEWS

24×7 Around the Globe

ඡන්දය කල් දාන්නේ නෑ ,ජනවාරියේ තියනවා – ඇමති ෆයිසර්..

පළාත් පාලන ඡන්දය කල්දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් , සංශෝධන සමඟ ජනවාරිවල ඡන්දය පැවැත්වීමට තමන් සහතික වන බවද පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (09) පාර්ලිමේන්තුවේදි අවධාරණය කර සිටියේය.

මහනගර සභා (සංශෝධන ) පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත් කෙටුම්පත සහ නගර සභා (සංශෝධන ) පනත් කෙටුම්පත සඳහා අද (9) පාර්ලිමේන්තුවේ දී දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමීන් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“නව ඡන්ද ක්‍රමය තුළ තාක්ෂණික සංශෝධනයක් තිබෙන්නේ. සමානුපාතික ක්‍රමයට හා කොට්ඨාශ ක්‍රමයට අමාත්‍යවරයාට සංස්ථාපනයේ දී බලය තිබීම අවශ්‍යයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළාත් පාලන ඡන්ද ක්‍රමය පනතේ සීමා නීර්ණ කටයුතුවල අඩුපාඩු තිබුණා.රටට දූෂිත මනාප ක්‍රමය තිබුණා. මිශ්‍ර ක්‍රමයක් තුළින් ඡන්දය තියන්න හැකියාව තිබෙනවා. ඡන්දය කල්දමන්න අවශ්‍යතාවක් නෑ. සහතික වෙනවා. මෙම සංශෝධන සමඟ ජනවාරිවල ඡන්දය පවත්වනවා”

(DE සිල්වා)