FAST NEWS

24×7 Around the Globe

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උතුරේ උද්ඝෝෂණ..

අත්අඩංගුවේ පසුවන චෝදනා ලැබ හා නොලැබ සිටින සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවට රජයට බල කරමින් අද (09) උතුරේ පළාතේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්විණි.

දේශපාලන සිරකරුවන් මුදවාගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණී.

යාපනය බස්නැවතුම්පල, වවුනියාව බස්නැවතුම්පල අසල මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණු අතර මේ සඳහා සිරගතව සිටින සිරකරුවන්ගේ ඥාතීහු රැසක් ද සහභාගී වී සිටියහ.

(DE සිල්වා)