FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධි අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 50 යි..

මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යලාය අහෝසි කරන ලෙස ඉල්ලා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (09දා) දින 50 ක් ගත වී ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

එ අනුව මීට සමගාමීව හෙට (10) කොළඹ නගරය තුළදී විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන්, වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්, ශිෂ්‍යයන්ගේ දෙමාපියන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ වෛද්‍ය සංගම් සහභාගි වන පාගමනක් පවත්වනබවද එම සංගමය පවසයි.

විරෝධතා පා ගමන අවසානයේදී කොළඹ නගරය තුළ දැවැන්ත විරෝධතා රැලියක් පවත්වන බවද එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)