අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 10 වැනිදා උදේ 9.00 සිට සවස 6.00 දක්වා පැය 09 ක කාලයක් ,කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 06 කට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
මේ අනුව පයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගොල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරෙන බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
(DE සිල්වා)








