FAST NEWS

24×7 Around the Globe

ඔක්තොම්බර් 10 වැනිදා සිට වැස්සේ වෙනසක්..

ඔක්තෝබර් මස 10 වන දින සිට සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩි විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම අද දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසිවාර කිහිපයක් ඇත වන බවද එහි සඳහන්.

සෙසු පළාත්වල (විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ) තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම ඇතැම් ස්ථාන, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් (මි.මි.50 පමණ ) වු තරමක තද වැසිද බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(DE සිල්වා)