FAST NEWS

24×7 Around the Globe

ඖෂධ ආනයන සමාගමක් රාජීතගෙන් මිලියන 500 ක් ඉල්ලයි..

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක්‌ අයකර දෙන ලෙස ඉල්ලා පිළිකා නාශක ඖෂධ ආනයන සමාගමක්‌ කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (06 දා) නඩු පැවරීය.

ඇමැතිවරයා විසින් පසුගිය පෙබරවාරි මස සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්‌වීමකදී කළ ප්‍රකාශයක්‌ මගින් තම සමාගමට අපකීර්තියක්‌ සිදුවූ බවත් ඊට වන්දියක්‌ ලෙස එම මුදල අයකර දෙන ලෙසත් එම ඖෂධ සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබේ.

සිය සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ඖෂධ වංචාවක්‌ සම්බන්ධයෙන් මාස හයක්‌ සිරදඬුවම් ලැබූ අයකු බවට සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළ බවත් එය අසත්‍ය ප්‍රකාශයක්‌ බවත් අධිකරණයට සඳහන් කර තිබූ එම සමාගම සෞඛ්‍ය ඇමැතිවරයාගේ එම ප්‍රකාශය නිසා ඉතා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ තම සමාගම රැකගත් කීර්තිනාමයට දැඩි හානියක්‌ සිදුවී ඇති බවද අධිකරණයට දන්වා තිබේ.