FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි..

ඉදිරි දින කිහිපය තුළත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් කියා සිටියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 දක්වා වූ තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, පවතින වැසි තත්ත්වයත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ කරඳන උතුර, කරඳන බටහිර, කලටුවාව බටහිර, මාකොට, දෙයියාගල, විලේගොඩ, බෝපැත්ත, අස්ගඟුල. මාහර, තලාවිටිය සහ ඇරාපොළ යන ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාශ වලට නිකුත් කළ නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ නාය යාම් සහ ගං වතුර තත්ත්වය පිළිබදව ජනතාව විමසිලිමත් විය යුතු බවයි.