FAST NEWS

24×7 Around the Globe

පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් 60 ක් ගැන පොලිස්පති අවදියෙන්..

විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් සිදු කරමින් අපකීර්තියට පත්ව සිටිනා පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් 60 දෙනෙක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යෑවීමට කටයුතු කරමින් සිටින බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේම එම පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.

මෙම දූෂිත පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් 60 දෙනා පිළිබඳව මේ වනවිටත් පොලිස්‌ කොමිසම වෙත දැනුම් දීමටද කටයුතු කර ඇති බව පොලිස්‌පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

(DE සිල්වා)