FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ ඡන්දයක් නෑ..

මෙම මස 30, 31 සහ නොවැම්බර් 01 වැනිදා දිනයහිදි ,ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ තුළ විවාදයක්‌ පැවැත්වීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් විවාදයෙන් පසුව මෙහෙයුම් කමිටු වාර්තාවට අදාළ ඡන්ද විමසීමක්‌ නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මෙම වාර්තාව පිළිබඳ මහජන අදහස්‌ විමසීමටද රජය තීරණය කර ඇති බවත් ඒ සඳහා වාර්තාව රැගෙන රටපුරා යැමටද තීරණය කර තිබේ.

ඉන්පසු යළි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව රැස්‌වී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත් එම සාකච්ඡාවෙන් පසුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අවසන් කෙටුම්පත සකස්‌ කරන බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)