FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ නිළ නිවසට ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකරු රිමාන්ඩ්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිල නිවසට තියුණු ආයුධයක් රැගෙන ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුට මේ මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර අද (06) නියෝග කළාය.

මීට අමතරව, මෙම සැකකරුට බන්ධනාගාර නිලධාරින් මාර්ගයෙන් අංගොඩ මානසික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පසුගිය මස 21 වනදා හිටපු ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර, ඊට ආරක්ෂක නිලධාරීන් ඉඩ සලසා නොදීම හේතුවෙන් ඔහු සතුව තිබූ තියුණු ආයුධයක් ගෙන, එය පෙන්වමින් සියදිවි හානිකර ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව අත්අඩංගුවට හෙතෙම ගත්තේය.

(DE සිල්වා)