FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා ඡන්ද විමසීමේ සීමා නිර්ණයට ජනපතිගෙන් කමීටුවක්..

2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධිත පනතට අනුව සීමා නිර්ණය සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව පත් කර ඇති මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කේ. තවලිංගම් පත් කොට ඇති අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය එස්. එච්. හිස්බුල්ලා, ආචාර්ය අකිල ඩයස් බණ්ඩාරනායක, හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජී. එම්. සිරිවර්ධන සහ මහාචාර්ය සංගරන් විජය සංදිරන් යන අය පත් කර තිබේ.

ඒ අනුව මාස 04 ක කාලයක් ඇතුළත මෙම කමිටුව විසින් පළාත් සභා මැතිවරණය සඳහා සීමා නිර්ණයන් සිදුකළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

(DE සිල්වා)