FAST NEWS

24×7 Around the Globe

අද සිට කොටහේන අලුත් මාවතේ කොටසක් වැසෙයි..

ජල නල එලීමේ කටයුතු හේතුවෙන් අද (06) සිට (09) වැනිදා දක්වා රාත්‍රී 09.00 සිට උදෑසන 05.00 දක්වා කාලය තුළ කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හංදියේ සිට ඉබ්බතෙවත්ත හංදිය (රාමනාදන් මාවත) දක්වා වන ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසීය පවසයි.

එබැවින් එම මාර්ගයේ භාවිත කරන රියදුරන්ට හා මහජනතාවට ඒ සඳහා වන විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිසීය ඉල්ලා සිටියි.

එ අනුව පිටකොටුව කොච්චිකඩේ දෙස සිට පැමිණෙන රථ වාහන හෙට්ටියාවත්ත හංදියෙන් දකුණට හරවා ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතේ ගමන් කර බ්ලූමැන්ඩල් හංදියෙන් වමට හරවා බ්ලූමැන්ඩල් මාර්ගයේ ගමන් කර බෝධිය හන්දියෙන් මාදම්පිටිය මාර්ගයට හෝ සෙන් ජේම්ස් මාවතට යොමු වී අලුත් මාවතට පිවිසිය හැකි බව පොලිසීය පවසයි.

එමෙන්ම මට්ටකුලිය දෙස සිට පැමිණෙන රථ වාහන මාදම්පිටිය මාර්ගයෙන් හෝ සෙන් ජේම්ස් මාවතෙන් බෝධිය හංදියට ගමන් කර බ්ලූමැන්ඩල් මාර්ගයේ ජෝර්ජ් ආර්. ද සිල්වා මාවත හංදියට පැමිණ ජෝර්ජ් ආර් ද සිල්වා මාවතෙන් හෙට්ටියාවත්ත හංදියට ගමන්කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)