FAST NEWS

24×7 Around the Globe

කොටහේන අලුත් මාවතේ කොටසක රාත්‍රී කාලයේ ගමනාගමනය සීමා කෙරේ..

කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත සිට රාමනාදන් මාවත දක්වා කොටසේ ගමනාගමනය හෙට(06) සිට රාත්‍රී කාලයේදී සීමා කෙරෙන බව පොලිසිය පවසයි.

මෙම කොටසේ ජල නල එළීමේ කටයුතු සිදුවීම මීට හේතුව වන අතර මේ හේතුවෙන් අදාළ දිනවල රාත්‍රී 9 සිට උදෑසන 5 දක්වා මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

එබැවින් පොලිසිය දැනුම් දෙන්නේ එම කාලය තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.