අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05) ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර අනතුරුව එ මහතා ලබන 09 වැනිදා සිට ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා එක්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද (04) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත්, වෙළෙඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමත් අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම සංචාරයේදී වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ෆින්ලන්තයේ, හෙල්සින්කි නගරයේදී ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලර් (HE Juha Sipilä) මහතා ඇතුළු ඉහළ පෙළේ නායකයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය සඳහා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද ෆින්ලන්ත සංචාරයට එක්වීමට නියමීත බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
(DE සිල්වා)