FAST NEWS

24×7 Around the Globe

සී.වී ගේ සභාව ව්‍යවස්ථා මෙහෙයුම් කමීටු වාර්තාව ප්‍රතික්ෂේප කරයි..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වු මෙහෙයුම් කමිටුවේ අතුරු කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමීන් අවධාරණය කරයි.

නව ව්‍යවස්ථාව සිංහල බෞද්ධ මතයට වැඩි නැඹුරුවක් සහිතව සකස් කොට ඇති බවටත්, මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට පෙර දෙමළ ජනතාවගේ ගැටලුවට ලබාදෙන විසඳුම රජය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු අතර, අනතුරුව එය ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවත් එම නිවේදනය මගින් ප්‍රකාශ කර තිබේ.

එසේම මෙම වාර්තාව මගින් සියල්ලන් ශ්‍රී ලාංකිකයන් ලෙස දක්වා ඇතත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීමට ලක්කර නැතැයිද එහි සඳහන්.

එහෙයින් දෙමළ ජනතාව වෙනම කොටසක් සේ සලකා නව ව්‍යවස්ථාව සකස් කළ යුතු අතර, දෙමළ ජනතාවගේ ස්වෛරීභාවය තුළින් මෙම ගැටලුවට විසඳුම් සෙවීම තුළින් පමණක් මෙරට සාමය ඇති කිරීමට හැකි බවත්, නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීමක්ද අපේක්ෂා කරන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(DE සිල්වා)