FAST NEWS

24×7 Around the Globe

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ අනතුරකින් 07 ක් රෝහලේ..

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ වත්ත ප්‍රදේශයේ දී අද (04) අළුයම ලොරි රථයක් සහ කාර් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙසෙ අනතුරට ලක් වී ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ගමන් ගත් ලොරි රථයක් සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගමන් ගත් කාර් රථයක් බව පොලිසීය පවසයි.

අනතුර සිදු වන අවස්ථාවෙදී කාර් රථයේ පුද්ගලයන් හතර දෙනෙකු ගමන් ගෙන ඇති අතර ඉන් දෙදෙනකු බරපතළ තුවාල ලබා තිබේ.

අනතුර සිදු වන අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් පස්දෙනෙකු ගමන් ගෙන ඇති අතර එම පුද්ගලයන් පස් දෙනාම තුවාල ලබා ඇති බවද  පොලිසීය වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)