FAST NEWS

24×7 Around the Globe

රු.මි 18000 ක වියදමින් ක්ෂණික විදුලිය ගැනිමට අනුමැතිය..

රුපියල් මිලියන 18000ක වියදමින් ක්ෂණික විදුලිය මිලිදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විදුලි බල හා පුනනර්ජනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාවකට ඊයේ (03) අනුමැතිය හිමීව තිබේ.

යම් හෙයකින් මෙසේ විදුලිය මිලදී නොගන්නේ නම් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවට කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් වීමෙන් පසුව ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමීව ඇත.

නිසි කලට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විදුලි බලාගාර ඉදි නොකිරීම මෙවැනි ගැටලුවකට ලංකා විදුලි බල මණ්ඩලය යොමුවීමට ප්‍රධාන හේතුව වන බවත් එහි ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)