FAST NEWS

24×7 Around the Globe

නාමල්ට මුදල් බැර කළ තිදෙනෙකුගේ ගිණුම් පරික්ෂා කෙරේ..

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදුවී ඇති මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ගිණුමට මුදල් බැර කළ බව කියන තිදෙනාගේ ගිණුම් 14ක් පරික්‍ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) පරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය

එ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ගිණුමට මුදල් තැන්පත් කළ බව කියන නිමල් ප්‍රේමසිරි පෙරේරා ඇතුලු තුන් දෙනෙකුගේ රජයේ හා පෞද්ගලික බැංකුවල ගිණුම් 14ක් පරික්‍ෂා කිරීමට අධිකරණයෙන් අවසර හිමීවිය.

මෙම තිදෙනා අවස්ථා දෙකකදී රුපියල් මිලියන 70 ක මුදලක් නාමල් රාජපක්‍ෂ මහතාගේ ගිණුමට බැරකර ඇති බව විමර්ශනවලදී හෙළි වූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නේය.

එසේම අවස්ථා තුනදී රුපියල් මිලියන 60ක්, 38 ක් හා 80ක් කිෂින් රාමචාන්ඩ් බුටානි, නිමල් පෙරේරාගේ ගිණුමට බැරකර ඇති බවද එම දෙපාර්තුමේන්තුව අධිකරණය දැනුවත් කළේය.

(DE සිල්වා)