FAST NEWS

24×7 Around the Globe

ගීතාගේ තීන්දුව නිකුත් කිරීම දින නියමයක් නැතිව කල් තැබේ..

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගය ඊයේ (03) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, තීන්දුව නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් තබනු ලැබිය.

පසුගිය මැයි 03 වැනිදා අභියාචනාධිකරණය විසින් තමා ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තියක බවට නිගමනය කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බවට ලබාදුන් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම මගින් ඉල්ලා තිබුණි.

එම අභියාචනා පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, සිසිර ද ආබෘ, බුවනෙක අලුවිහාරේ, අනිල් ගුණරත්න හා නලින් පෙරේරා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී විභාග කෙරුණී.

එ අනුව ලබන 10 වැනි දිනට පෙර මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනුකරනා ලෙසටද විනිසුරු මඩුල්ල සියලු පාර්ශ්වවලට නියෝග කළේය.

(DE සිල්වා)