ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් සංශෝධන 7ක් භාර දී ඇති බවත් , පක්ෂ නායක අනුර කුමාර දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායකගේ අස්සනින් එම සංශෝධන සහිත වාර්තාව සකස් කර ඇති බව එම පක්ෂය නිවේදනය කර සිටියි.
ඒ අනුව
01.විධායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම.
02. විධායක ජනපති පන්නයේ විධායක අගමැතිවරයෙක් නිර්මාණය නොකිරීම
03.විශේෂයෙන් පළාත් දෙකක් හෝ වැඩි ගණනක් එක් ඒකකයක් ලෙස ඒකාබද්ධ නොකිරීමට ව්‍යවස්ථාවේ විධිවිධාන සැලැස්වීම.
04.දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණය පුළුල්කොට ක්‍රියාවට නැංවීම.
05. විධායක ජනපති ක්‍රමය අහෝසි කරන තත්ත්වයක් තුළ පළාත් සභා පවත්වාගෙන යෑමේදී ආණ්ඩුකාරවරයාගේ බලතල දුර්වල නොකිරීම.
06.අගමැතිවරයා තෝරා ගැනීමේදී අගමැති තනතුරට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රි සංඛ්‍යාවකගේ කැමැත්ත දිනාගත් පුද්ගලයකු පත්කිරීම.
07.අගමැති තෝරා ගැනීම යන කොටසට අදාළ 11,12 සහ 13 යන වගන්ති වෙනස් කිරීම.
ඇතුළු සංශෝධන හා අදහස් ජවිපෙ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
(DE සිල්වා)








