FAST NEWS

24×7 Around the Globe

අද සිට සතොසින් සහන මීලට සහල්..

සහල් තොග මිල පාලනය කිරීමේ අරමුණින් සතොස වේළඳසැල් හරහා අද (04) සිට සහන මිලට සහල් තොග නිකුත් කිරීමට කටයුතු කරන බව ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එ අනුව මධ්‍යස්ථාන 28ක් හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 73කටද, සුදුකැකුළු සහල් කිලෝවක් රුපියල් 65කටද, කැඩුණු සහල් කිලෝවක් රුපියල් 60කටද අලෙවි කරන බව හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව දිවයින පුරා සතොස වෙළෙඳ සැල් 370 ක් තුළින් සහල් වර්ග 08ක් අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

(DE සිල්වා)