FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් මාතරට නව ආසන සංවිධායකවරු 04 ක්..

එක්සත් ජාතික පක්ෂය මාතර දිස්ත්‍රික්ක සඳහා නව ආසන සංවිධායකවරුන් 04 දෙනෙකු පත් කළ බව සිරිකොත පක්ෂ මුලස්ථානය නිවේදනය කර සිටියේය.

එ අනුව වැලිගම ආසනය දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව පත් කර තිබේ.

එසේම වැලිගම සංවිධායකවරයා ලෙස කටයුතු කළ දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති දෙවිනුවර ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත.

කඹුරුපිටියේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළ දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත එහි නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

එසේම පුරප්පාඩුව පැවති හක්මන ආසනයේ සංවිධායකවරයා ලෙස දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ පත් කර තිබේ.

(DE සිල්වා)