FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන බැංකු සභාපතිවරු තිදෙනෙක් අද බැදුම්කර කොමීසමට..

ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා අද (04) ප්‍රශ්නගත බැඳුම්කර ජනාධිපති කොමීසම හමුවට පැමීණිමට නියමීතය.

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළ බැංකු තුනේ සම්බන්ධතාවයන් පිළිබඳව සාක්කි ලබාගැනීම සඳහා ඔවුන් මෙලෙස කැඳවා ඇති බවත් වාර්තා වේ.

මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇත්තේ ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා , ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ය.

(DE සිල්වා)