FAST NEWS

24×7 Around the Globe

ගුරු දිනය දා ගුරු – විදුහල්පතිවරුගෙන් උද්ඝෝෂණයක්..

උසස්වීම් සකස් නොකිරීම, විදුහල්පති දීමනාව 16/2017 චක්‍රලේඛයෙන් මාර්තු මස සිට වැඩි කළද මේ දක්වා ලබා නොදීම, ගුරුවරුන්ගෙන් පිරිසකට හිඟ වැටුප් නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්,ලෝක ගුරු දිනය යෙදෙන එළඹෙන (06) ගුරුවරුන්ගේ හා  විදුහල්පතිවරුන්ගේ  ගැටලු විසඳීමට රජයට  බලකරමින්  උද්ඝෝෂණයක්  පැවැත්වීමට ගුරු -විදුහල්පති වෘත්තීය සමිති එකතුව තීරණය කොට ඇත.

ඔක්තෝබර්  06 වන දින  ප.ව.2.00ට  කොළඹ  කලාප  අධ්‍යාපන කාර්යාලය  අසලින් ආරම්භ කිරීමට නියමිත මේ උද්ඝෝෂණය සඳහා  සියලු  ගුරුවරුන්  සහ  විදුහල්පතිවරුන් ද  සහභාගී වන බව එම වෘත්තීය සමීති නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(DE සිල්වා)