FAST NEWS

24×7 Around the Globe

ආනන්ද සමරසේකරට වරෙන්තු නිකුත් කිරීමේ තීන්දුව 19 වැනිදා…

රගර් කී‍්‍රඩක තාජුඩින් ඝාතන නඩුවට අදාළව හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ඔක්තෝබර් 19 වැනිදා ලබා දෙන බව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (03) ප්‍රකාශ කළේය.

තාජුඞීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගතකර සාක්ෂි විනාශ කිරීම සහ වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ ඇති අතර එ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

(DE සිල්වා)