FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ 08 වැනිදා සිට..

2017 අ.පො.ස උසස් පෙළ විභාගයේ විෂයයන් 11 ට අදාළ ප්‍රාඅයෝගික පරීක්ෂණ ලබන 08 වැනිදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

එ අනුව දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 398කදී පැවැත්වෙන මෙම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අපේක්ෂකයින් 56,439 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවද එහි සඳහන්.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා වූ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා සිට 22 දක්වා පැවැත්වීමට නියමීතය.

සෞන්දර්යය සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා සිට 31 දක්වා පැවැත්වීමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තු නිවේදනයෙහි සඳහන් වෙයි.

(DE සිල්වා)