කොළඹ මහාධිකරණයේ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට නොගෙන කොළඹ මහාධිකරනයේ වෙනත් උසාවියකට මාරු කරන ලෙසට ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (03) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
විනිසුරු ගිහාන් කුලතුංග මහතා තමාට එරෙහිව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විනිසුරුවරයකු ලෙසට කටයුතු කර ඇති බැවින් ඔහු ඉදිරියේ පවතින නඩුවකින් සාධාරණයක් ඉෂ්ට වේයැයි අපේක්ෂා කළ නොහැකි බව බැසිල් රාජපක්ෂ මහතා සිය පෙත්සම මගින් අවධාරණය කරයි.
පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සදහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් වංක ලෙස සාවදය පරිහරණය කිරීමේ චෝදනා වලට වැරැදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට හා අනුෂ පැල්පිට මහතාට එරෙහි නඩුව විභාගයට ගෙන තීන්දුව ලබා දුන්නේද විනිසුරු ගිහාන් කුලතුංග මහතාය.
එ අනුව මෙම සිද්ධියට අදාළනඩුව නොවැම්බර් මස 13 විභාගයට ගැනීමට ගිහාන් කුලතුංග විනිසුරුවරයා නියෝග කර ඇති බවත් එම නඩුව සම්බන්ධයෙන් ඉදිරි නඩු කටයුතු එම විනිසුරුවරයා විසින් සිදු නොකිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ද බැසිල් රාජපක්ෂ මහතා මෙම පෙත්සමෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.
(DE සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.