FAST NEWS

24×7 Around the Globe

වයඹ පළාතේ රෝහල් 05 ක හෙද වර්ජනයක්..

වයඹ පළාතේ ප්‍රෝහල් 05ක හෙද නිලධාරීන් අද (03) පෙරවරුවේ සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

කුසලතා ලේඛනයෙන් බැහැරව හෙද සේවාවේ උසස් වීම් ලබා දීමට විරෝධය පළ කරමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම පැවසීය.

එ අනුව පුත්තලම මූලික රෝහල, නිකවැරටිය මූලික රෝහල, මුන්දලම, කල්පිටිය සහ දඹදෙණිය යන රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ද එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)