FAST NEWS

24×7 Around the Globe

රයන්ගේ පෙත්සමට නීතිපති හා මරදාන ඕ.අයි.සී ට නොතීසි..

වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ,නීතිපතිවරයාට සහ මරදාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ඔක්තොම්බර් මස 09 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද (02) එම පෙත්සම සලකා බලමීන් කොළඹ මහාධිකරණ නොතීසි නිකුත් කළේය.

ඉකුත් ජූනි මස 21 වැනි දා පස්වරුවේ කොළඹදී පැවති සයිටම් විරෝධී පාගමනින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල‍වලට රුපියල් ලක්ෂ 15 ට ආසන්න හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් රයන් ජයලත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

(DE සිල්වා)