FAST NEWS

24×7 Around the Globe

බස් අනතුරකින් 18 ක් රෝහලේ

කොළඹ පුත්තලම මාර්ගයේ අනුරාධපුර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මුන්දලම ප්‍රදේශයේදි මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී අද (29) අලුයම සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් මගීන් 18 දෙනෙකු තුවාල ලබා ඇත.

අනතුරින් තුවාල ලැබූවන් හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

(DE සිල්වා)