එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංග මහතා පත්කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
එ අනුව මෙතෙක් එම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර තිබේ.
විජයදාස රාජපක්ෂ මහතා දරණ සියලු ඇමැති තනතුරු හා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන ලෙස එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර ගත් අතර පසුව ඇමැතිවරයා දැරූ ඇමැතිකම්වලින් ඉවත් කෙරිණි.
(DE සිල්වා)








