FAST NEWS

24×7 Around the Globe

විද්‍යා ඝාතන නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක්..

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (27) යාපනය මහාධිකරණය ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව දින 14ක් අතුළත අභියාචනයක් යොමු කරන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහින්ද ජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මෙම අපරාධය සිදු කර ඇත්තේ වෙනත් පුද්ගලයකු බවත්, දඬුවම් නියම වූ විත්තිකරුවන් ඊට සම්බන්ධ නැති බවද එ මහතා ප්‍රකාශ කළේය.

විද්‍යා ඝාතනය සිදුවීම ජනමාධ්‍යයද නිසියාකාරව කටයුතු නොකළ බව ද ඒ මහතා අවධාරණය කළේය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර මරණ දඬුවම් නියම වීමට පෙර විත්තිකරුවෝ හත් දෙනාද විත්ති කූඩුවේ සිට තමන් මෙම අපරාධය සිදු නොකළ බව ප්‍රකාශ කළහ.

(DE සිල්වා)