FAST NEWS

24×7 Around the Globe

2018 ජාතික වෙසක් දින මහෝත්සවය කුරුණෑගලදි…

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව සංවිධානය කෙරෙන 2018 වසරේ ජාතික වෙසක් දින මහෝත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පැවැත්වෙන මෙම උත්සවය 2018 අප්‍රේල් මස 28 දින සිට මැයි 4 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පන්සිල් සුරකින අධ්‍යාත්මික හා ජීවන කුසලතාවන්ගෙන් පිරිපුන් සමාජයක් ගොඩ නැංවීම 2018 වසරේ වෙසක් දින ජාතික මහෝත්සවයේ පරමාර්ථය බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවෙලගෙදර මහතා පැවසීය.

බෞද්ධ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, බෞද්ධ සමිති ශක්තිමත් කිරීම, බෞද්ධයාගේ නිර්මාණ කුසලතා එළි දැක්වීම, ලෝක සාමය උදෙසා බුදු දහම පදනම් කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණු බව ද ඒ මහතා පැවසීය.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ඉපැරණි විහාරස්ථාන සංරක්ෂණයට දායකවීම සහ දිස්ත්‍රික්කයේ පිහිටි නටබුන්ව පවතින ඉපැරණි දළදා මාලිගාව යළි ප්‍රතිසංස්කරණය කොට බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව ලබාදීම ද මෙහිදී සිදු කෙරෙන විශේෂ කර්තව්‍යක් වන බවද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

(DE සිල්වා)