FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය අහෝසි වෙයි..

1972 වසරේදී ආරම්භ කර සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය අද (27) සිට අහෝසි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එ අනුව මීට ආදේශකයක් ලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි සේඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නමින් නව ආයතනයක් පිහිටුවිමට නියමීත තිබේ.

මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම නව ආයතන පිහිටුවිමේ අරමුණ වී ඇති බවත් එම අමාත්‍යාංශය පවසයි.

ප්‍රාථමික සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට හා මහජනතාව සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරිම සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පිහිටුවිමේ අරමුණ වී තිබුණි.

(DE සිල්වා)