FAST NEWS

24×7 Around the Globe

නළ දරු උපත් තාක්ෂණය රාජ්‍ය අංශයටත්..

නළ දරු උපත් තාක්ෂණය ඇති කිරීම සඳහා ඉදිරියේදී රාජ්‍ය අංශය කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (26) පස්වරුවේ පැවැති පවුල් සැලසුම් දින ජාතික උත්සවය අමතමින් සඳහන් කළේය.

එම උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

” පවුල් සැලසුම කියන්නේ පවුලට අවශ්‍ය දරුවන් සංඛ්‍යාවක් සුදුසු පරතරයකින් ලබා ගැනීමයි.පවුල් සැලසුමෙන් ප්‍රධාන වශයෙන් අපි දෙආකාරයක සේවාවක් ලබා දෙනවා.එනම් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා සුදුසු වයසේදී සුදුසු පරතරයකින් දරුවන් ලබා ගැනීම සහ මදසරුභාවයෙන් පීඩා විඳින විවාහපත් යුවල් සඳහා දරු සම්පත ළඟා කර ගැනීමයි.පවුල් සැලසුමෙහි මෙම නිවැරදි අර්ථ කථනය නොදන්නා විවිධ පුද්ගලයින් මෑත යුගයේදී මේ සඳහා සාවද්‍ය අර්ථකථන ඉදිරිපත් කරනවා.ඔවුන් සිතන්නේ මෙමගින් ජනගහන පාලනයක් සිදු කරනවා කියලා”

(DE සිල්වා)