ගෝලීය අරමුදල විසින් රුපියල් මිලියන 1824 ක් වැය කරමින් උතුරු පළාතේ රෝහල්වල ඉදිකරන ලද වාට්ටු සංකීර්ණ ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඒ අනුව යාපනය වඩ්ඩක්කොට්ඩෛ ප්‍රාදේශීය රෝහල, කයිට්ස් මුලික රෝහල, කිලිනොච්චි රෝහල සහ වවුනියාව රෝහල යන රෝහල්වල ඉදිකරන ලද වාට්ටු සංකිර්ණ ඊයේ (24) අමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය.
එහිදී යාපනය කයිට්ස් මුලික රෝහලේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, ගෝලීය අරමුදල විසින් ආධාර ලබා දුන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68 ක් ජනතා අයිතියට පත්කිරීම සිදුකළ බවත් ඉන් වැඩි සංඛ්‍යාවක් ප්‍රජාමූල සෞඛ්‍ය මධ්‍යස්ථාන බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, යාපනය හමුදා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි, ගෝලීය අරමුදලේ අධ්‍යක්ෂිකා බිලැන්කා හා එම අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂිකා පුබුදු ද සොයිසා යන මහත්ම මහත්මීන් ඇතුළු උතුරු පළාත් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් හා වෛද්‍යවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබුණි.