ලෝකයේ ආර්ථිකය ජය ගැනීමට සමත් වන පරිදි ශ‍්‍රී ලංකාව නිර්මාණය කිරීමට මෙතෙක් පැමිණි කිසිදු පාලකයෙකු සමත්වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා බදුල්ලේ පැවති රැස්වීමකදී කියා සිටියේ ලෝකයේ නව ආර්ථික ප‍්‍රවණතා හඳුනාගෙන කටයුතු කළහොත් තවදුරටත් ණය බරින් තොර රාජ්‍යයක් බවට පත්වීමට ශ‍්‍රී ලංකාවට හැකි බවයි.
අනාගත ලෝකය ජයගත හැකි දක්ෂයින්ට නිවරැදි මාර්ගය විවෘත කර දීම පාලකයින්ගේ වගකීමක් බවද ඔහු කියා සිටියේය.








