FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකර ජයරත්නට චෝදනා පත්‍ර බාර දෙයි..

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවේ අද(25) දින චෝදනා පත්‍ර කියවා බාර දෙනු ලැබිණ.

ඒ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති තනතුරක් ඇති කර ඒ සඳහා සිය පුද්ගලික ලේකම්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අද කැදවූ අවස්ථාවේදීය.

මෙම සිද්ධියට චෝදනා ලැබ සිටි එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාව කටයුතු කළ ප්‍රියංකර ජයරත්නට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට අද(25) පෙරවරුවේ චෝදනා පත්‍ර බාර දී ඇති අතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම නඩුව දෙසැම්බර් මස 04 වනදා විභාගයට ගැනීමටය.

මොවුන් මෙම චෝදනාවලට දැනට ඇප මත මුදා හැර සිටියි.