මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව විශේෂ වාර්තාවක් සකස් කිරීමට තීරණය කර තිබේ.
විගණකාධිපති ගාමිණී විජේසිංහ කියා සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා වන ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් ලබාදීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කෝප් කමිටුව මෙම විශේෂ විමර්ශනය ආරම්භ කළ බවයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කැඳවූ ටෙන්ඩර් සම්බන්ධයෙන් විගණන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, එම වාර්තාවේ පළමු අදියර අවසන් වූ විගස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.








