FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ මත්ස්‍ය තොග අපනයනයට උපරිම සහාය දෙන බව ජපාන විදේශ අැමති පවසයි..

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය තොග අපනයනය ඉහළ නැංවීමට උපරිම සහාය දෙන බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මසහිසා සාටෝ මහතා ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවූ අවස්ථාවේ පවසා ඇත.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය ඉහළ නංවා ගැනීමට සහාය ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජපාන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ජපානය පොරොන්දු වී ඇත්තේ ඒ සදහා අවශ්‍ය පූර්ණ සහාය ලබා දීමටයි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්වෙන ලදි.